සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන ඇප මත මුදා හැරීමට තීරණය කර ඇත.

කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

සතොස ට අයත් රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර එහිදි මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ, රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහරින ලෙසයි.

ඊට අමතරව මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන සතොස හිටපු ප්‍රවාහන කළමනාකාරවරයා වන ඉන්දික හේමාල් රත්නමල්ල යන අයව ඔක්තෝබර් 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්