දේව විශ්වාස, ගුප්ත බලවේග, පියවි ඇසට නොපෙනෙන විද්‍යාවට හසු නොවෙන අදෘශ්‍යමාන බලයන් ගැන අප එකිනෙකාට තිබෙන්නේ විවිධ අදහස්. සමහර දෙනෙක් ඒවා විශ්වාස කරනවා විය හැකියි. ඇතැම් අය කිසිසේත්ම එවැන්නක් විශ්වාස නොකරනවා විය හැකියි. ඒ අතර තවත් දෙනෙක් මැදහත් සිතින් යුතුව සත්‍ය අසත්‍යතාව විමසා බලනවා විය හැකියි.

නොපෙනෙන ලෝකයක සත්‍යතාවය විමසා බැලීමට යන ගමනේදී අපට හාස්කම් සපිරි රාගම දේවාලය ගැනත් ගුප්ත ශාස්ත්‍රයන්ගෙන් බැතිමතුන්ට පිහිට ලබාදෙන ගුප්ත ශාස්ත්‍ර විද්‍යා විශාරද පොඩි සීයා සහ චූටි සීයා ගැනත් දැනගන්නට ලැබුණා. රාගම දේවාලය සාමාන්‍යයෙන් වඩාත් සක්‍රීයව කටයුතු කරන්නේ කෙම්මුර දිනයන් වලදි. සෙනසුරාදා දිනය දේවාලයේ සියළු දෙනාටම කාරකාර්‍යබහුල දිනයක් බව කිව යුතුයි.

රාගම දේවාලයේ  ඉතිහාසය වසර හතළිස් පහකටත් එහා දිවෙන්නකි. මුලින්ම දේවාශිර්වාද සහිතව ජනතාවගේ දුක්කම්කටොළු වලට පිහිට වීම ඇරඹන්නේ පොඩි සීයා සහ චූටි සීයාගේ පියාණන් වන ලොකු සීයා විසිනි. එතැන් සිට අද දක්වා පරම්පරා දෙකක් අඛණ්ඩව නිසි වත් පිළිවෙත් වලින් යුක්තව රාගම දේවාලය පවත්වාගෙන යනු ලබයි.

රාගම දේවාලයට අපේ මාධ්‍ය කණ්ඩායම ළගා වන්නේත් සුවිශේෂී දිනයක‍යි. කාර්‍යබහුල සෙනසුරාදාවේ රාත්‍රීය උදාවෙද්දී රාගම දේවාල පරිශ්‍රය පුරාවටම සරණක් සොයා පැමිණි බැතිමතුන් රැසක් එක්‍ රැස් වී සිටින අයුරු දැකගත හැකිවිය. ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් මෙන්ම විදේශයන්ගේද සිට ජනතාව රැස්ව සිටියේ ඉමහත් බලාපොරොත්තු දල්වාගෙන බව පෙනෙන්නට තිබිණි. මේ බැතිමතුන්ගෙන්  ඇතැම් අය කාලාන්තරයක් තිස්සේ විවිධ රෝගාබාධයන්ගෙන් පීඩා විදිමින් සියළු උත්සහයන්ගේ අවසානයේ පොඩි සීයා සහ චූටි සීයාගෙන් සරණක් අපේක්ෂාවෙන්  පැමිණ තිබිණි. ඇතැම් අය පැමිණ සිටියේ පවුල් ජීවිතයේ ගැටළු වලින් පීඩා විදිමිනි. ව්‍යාපාර වල බිද වැටීම්, විභාග අපේක්ෂා සහිත පිරිස් මෙන්ම අදෘශ්‍යමාන අදුරු බලවේගයන්ගෙන් පීඩා විදින්නන්ද එතැනට පැමිණ තිබුණි. රාගම දේවාලයට මෙලෙස පැමිණෙන්නන් සැලකිව යුතු පිරිසක් ඔවුන්ගේ ප්‍රශ්න ගැටළු සදහා නිවාරණයක් ලබා තිබීම බැහැර කල නොහැකි කරුණකි.

01.

02.03.

පොඩි සීයා සහ චූටි සීයා සමග අප සිදුකල විශේෂ ගවේෂණය “නොපෙනෙන ලෝකයේ සත්‍යය” වැඩසටහන නැරඹීමට  පිවිසෙන්න අපේ Kolamba 16 යූ ටියුබ් නාලිකාව වෙතට.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්