වයස අවුරුදු 8 ක දැරියකට බරපතල ලෙස ලිංගික අතවර කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ දැරියගේ මවගේ දෙවන විවාහයේ ස්වාමි පුරුෂයායි.

 

දැරියගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

 

දැරිය විසින් ශරීරයේ බරපතළ වේදනාවක් පිළිබඳව සඳහන් කිරීම සමග ඒ ඔස්සේ තොරතුර  විමසූ විට දැනගන්නට ලැබුණු කරුණු අනුව මව එම අපරාධය පිළිබඳව දැනගෙන ඇති අතර, පසුව ඇය විසින් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කොට තිබේ.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්