ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 22ක (ආසන්න වශයෙන් USD මිලියන 15) ඔස්ට්‍රේලියානු පරිත්‍යාගයේ පළමු තොගය ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව වාර්තා වෙයි.

මේ වන විට රට තුළ පවතින ආර්ථික අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් වූවන් වෙත එම ආහාර තොගය ඉක්මනින් බෙදා හැරීමට නියමිත බව සඳහන් වේ.

සහල් මෙට්‍රික් ටොන් 600 කින් සමන්විත මෙම සහල් තොගයට අමතරව පරිප්පු සහ පිසින තෙල් ඇතුළු තවත් කොටසක් ළඟදීම දිවයිනට පැමිණීමට නියමිත බව ලෝක ආහාර වැඩසටහන (WFP) පවසයි.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් පැවසුවේ “මිල වැඩිවීම්, රැකියා අහිමිවීම් සහ අඩු ආදායම් සමඟ අරගල කරන ජනතාවට ආහාර සැපයීම සඳහා ඔවුන් WFP වෙත සහාය දෙන බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හා ආහාර අනාරක්‍ෂිතතාවයේ මට්ටම ඉහළ ගොස් ඇති අතර හදිසි ආධාර නොමැතිව ඉදිරි මාසවලදී තත්ත්වය තවදුරටත් දැඩි බලපෑම් වලට ලක්විය හැකි බව සමීක්ෂණවලින් හෙළි වී තිබේ.

ජුනි මාසයේදී දියත් කරන ලද, WFP හි හදිසි ප්‍රතිචාරය වඩාත් අවදානමට ලක්ව සිටින පුද්ගලයින්ගෙන් මිලියන 3.4 කට උපකාර කිරීම අරමුණු කරයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්