සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වූ “රොහා” නැමති පාතාල කල්ලි සාමාජිකයාගේ සමීප ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරකට අනුව හොරණ – බැල්ලපිටිය සීලරත්න අසපුව අසල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී ඔහු අත්අඩංගුවටට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබූ රුපියල් 70,000කට අධික වෙළෙඳ වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍ර‍ව්‍ය ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 800 ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.

එමෙන්ම එම අවස්ථාවේ ඔහුගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්