පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිදුවූ නවක වද සිදුවීමක් හේතුවෙන් සිසු සිසුවියන් සිව් දෙනෙකු රෝහල්ගත කර ඇත.

සරසවිය තුළ තිබූ ආපන ශාලාවක ආහාර ගනිමින් සිටි සිසු සිසුවිය එකළොස් දෙනෙකුට එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් ඔවුන් රෝහල් ගත කර ඇති අතර, එලෙස පහර දීමට හේතු වී ඇත්තේ අදාළ සිසු සිසුවියන් විසින් නවක වධය ප්‍රතික්ශේප කර තිබීම හා නවක වදය ප්‍රතික්ශේප කිරීම හේතුවෙන් ඔවුන්ට අදාළ ආපන ශාලාවෙන් කෑම ගැනීම තහනම් කර තිබීමයි.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ නීති පීඨයේ සිසු සිසුවියන් පිරිසක් වන අතර පහරදීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් තිදෙනෙකුගේ පන්ති තහනම් කිරීමට තීරණය කර ඇත.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්