විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන සෙල්ලප්පෙරුමගේ සලිදු මල්ෂික ගුණරත්න නොහොත් සලිදු මල්ලිගේ ප්‍රධානතම ගෝලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට පත් වන අවස්ථාවේ ඔහු සන්තකයේ තිබූ ලක්ෂ තුනකට අධික වටිනාකමක් ඇති හෙරොයින් මත්ද්‍ර‍ව්‍ය ග්‍රෑම් 30, මි.ග්‍රෑ. 380 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් 35,500 ක මුදලක් පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හොරණ පාර, වෑකඩ, පානදුර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකුයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්