පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව් වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු අතුරුදන් වී තිබෙන බව වාර්තා වේ.

ඊයේ (සැප්. 18) දිනයේදී මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙලෙස අතුරුදන් ව ඇත්තේ, වයස අවුරුදු 24ක් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ සිසුවෙක් වන අතර ඔහු යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අතුරුදන් වූ සිසුවා විසින් සැප්තැම්බර් 16 වන දින ලියන ලද බවට සැක කරන ලිපියක් ඔහු නැවතී සිටී කාමරයේ තිබී සොයාගෙන ඇති අතර මේ දක්වා මොහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්