රජය විසින් විදුලි බිල 70% කින් ඉහළ නැංවීමට ගත් පියවර සමගින් පන්සල් ඇතුළු ආගමික ස්ථාන බොහෝමයකගේ විදුලි බිල දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බවට චෝදනා පළ වේ.

 

ඒ අනුව එළඹෙන වප් පොහොය දිනය තුළ විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විරෝධය පාමින්  දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථානවල විදුලි පහන් නිවා දමා විරෝධය දක්වන ලෙස මධ්‍යම පළාත් මහ සංඝ සභාවට යෝජනාවක් ඉදිරිපත්ව ඇත.

 

ඊයේ (18) රැස්වූ මධ්‍යම පළාත් මහ සංඝ සභා රැස්වීමේදි භික්ෂූන් පිරිසක් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා දායක සභාවේ දායකත්ව ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳවද අදහස් ඉදිරිපත්ව තිබේ.

 

ඒ අනුව ඒ පිළිබඳව අදහස් දක්වමින් පුජ්‍ය ගලහ සිරිසාන්ත හිමියන් ප්‍රකාශ කර සිටියේ,

 

“පන්සල්වල තිබුණ විදුලි බිල පස් හය ගුණයකින් ඉහළ ගොස් තියෙනවා. මගේ පන්සලේ විදුලි බිල මේ වෙද්දි රු 60,000ක් වෙලා තියෙනවා. විශේෂයෙන් ඉදිරියේ තියෙන්නේ කඨින චීවර පිංකම් කාලය. වෙසක් පොසොන් වගේ කාලවල පන්සල් අඳුරේ තැබීමේ කුමන්ත්‍රණයක් ද මේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපිට බලවත් සැකයක් තියෙනවා. පවතින තත්ත්වය උඩ ඉදිරියේ දී පන්සලක ලයිට් එකක් දාන්න වෙන්නේ නෑ. අද යෝජනාවක් කරනවා අපි ඉදිරියේ දී එන පොහොය දිනයේ දී අපි සියලුම පන්සල්වල විදුලිය නිවලා පන්සල් අඳුරේ තබලා දායකයන් සමග මෙයට විරෝධය පළ කරන්න කියලා අපි යෝජනා කරනවා. ඉදිරියේ දී රට පුරාම විශේෂ මැදිහත්වීමකින් මේ පිළිබඳ ක්‍රියාකරන්න බලාපොරොත්තු වෙනවා.”

 

යනුවෙනුයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්