දෙවන එළිසබෙත් රැජිනගේ දේහය තැම්පත් කරනු ලබන්නේ ලන්ඩන් නුවර වින්ඩ්සර් මාළිගා පරිශ්‍රයේ ඇති ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පිහිටි රාජකීය සොහොන් ගැබේ වන අතර, එය  මෙවර රැජිනගේ දේහය වෙනුවෙන් විවර වන්නේ 20 වසරකට පසුවයි.

 

මීට වසර 20කට පෙර එනම් 2002 වසරේ සිදුවූ මව් රැජිනගේ අවමංගල්‍ය උත්සවයේදි එතුමියගේ දේහය තැම්පත් කිරීම සඳහා විවර වුණු මෙම රාජකීය සොහොන තුළ මව් රැජිනගේ දේහයට අමතරව දෙවන එළිසබෙත් රැජිණගේ පියා වන 06 වන ජෝර්ජ් රජුගේ දේහයද තැම්පත් කර තිබේ.

 

එමෙන්ම අද දින සිදුවන රැජිනගේ දේහය තැම්පත් කිරීමට අමතරව රැජිනගේ අභාවය තෙක් ආරක්ෂිතව තැම්පත් කර තිබූ  පිලිප් කුමරුගේ දේහයද එම සොහොනේ තැම්පත් කිරීමට නියමිතයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්