සෞභාග්‍යයෙ දේශයක් නිර්මාණය කරනවා කියා පුරසාරම් දොඩවමින් පැමිණි ආණ්ඩුව අත්පත්කොට දී ඇත්තේ මන්දපෝෂණයෙන් පිරුණු රටක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.

රටට මන්දපෝෂණය වැළඳී තිබියදී ආණ්ඩුවට අධිපෝෂණය වැළඳී ඇති බවත් එදා අසාධාරණයට ලක් වූ සියලු දෙනාට යුතුකම් ඉටු කිරීමට තමන් කැපවෙන බව වර්තමාන ජනාධිපතිවරයා එවක ප්‍රකාශ කළද අද යුතුකම් ඉටුකරමින් සිටින්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට අඩත්තේට්ටම් කළ වැරදිකරුවන්ට ඇමති තනතුරු ලබා දීමෙන් බව ඔහු කියා සිටී.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ අද (18) ගම්පහ දිස්ත්රික්කයේ අත්තනගල්ල සමගි ජන බලවේගයේ ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

අද එජාපයේ ඇතමුන්ට මහින්ද රාජපක්ෂ මහතා ළඟට ගොස් වැඳ වැටෙමින් තම තමන්ගේ දුක යන්නට සිදුවී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, වර්තමාන ජනාධිපතිවරයා යටතේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට අත්වී ඇති ඉරණම කනගාටුදායක බවත් නොමඟ ගිය පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ද අනාගතයේ දී නාමයෝජනා ගන්නට සිදුවන්නේ නෙළුම් මාවතේ කපුටෙකුගෙන් බවත් ඒ මහතා පවසයි.

මුළු රටම බරපතළ අර්බුදයක සිටියදී ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු ප්‍රිය සම්භාෂණ වලදී ගිණිකෙළි සංදර්ශන පවත්වන බව පැවසූ විපක්ෂ නායකතුමා,ඔවුන් එම තනතුරු ලබා ගත්තේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බවත් මේ රට ගොඩනැඟිය හැක්කේ මානුෂීය ධනවාදය තුලින් බවත් විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගය ඒ වෙනුවෙන් කැප වන බව ද සදහන් කරයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්