මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි අනුවාදනය රැගත් තෑන්ක් ගෝඩ් බොලිවුඩ් චිත්‍රපටයේ යොහානි ද සිල්වා ගායනයෙන් දායක වන මැණිකේ ගීතය මේ දක්වා නැරඹුම්වාර දෙකෝටි හැත්තෑ දෙලක්ෂ හතළිස් පන්දහසක් ඉක්මවා තිබෙනවා.

මෙය යූ ටියුබ් සමාජ මාධ්‍යයට එක්කරනු ලැබුවේ පසුගිය 16 වනදායි. තෑන්ක් ගෝඩ් චිත්‍රපටයේ මැණිකේ ගීතය සඳහා ගායනයෙන් යොහානි, ජුබිලින් නව්මියාල් සහ සූර්යා රඝුනාතන් එක්වූ අතර, සංගීත අධ්‍යක්ෂණය තනිෂ්ක බක්ෂි සහ චමත් සංගීත් දායක වනවා.

පද රචනය රෂ්මි විරාග් සහ දුලාත් ඒ. ආර්. එක්ස්. විසින් සිදුකර ඇති අතර, යූ ටියුබ් වෙත මුදාහැරි තැන්ක් ගෝඩ් චිත්‍රපටයේ මැණිකේ ගීතය සඳහා රංගනයෙන් දායක වන්නේ ප්‍රකට බොලිවුඩ් නළු නිළියන් වන අජේ දෙව්ගන්, තෝරා පටේහි සහ සිද්ධාර්ත් මල්හෝත්‍රායි.

මෙන්න බලන්න තවත් පුවත්