මෙරටට විස සහිත සහල් ගෙන්වා ඇති බවට පළවන පුවත් අසත්‍ය බව දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත්කර ඇත.

එම නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ මෙම වසරේ මේ දක්වා කාලය තුළ පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයෙන් එවැනි පර්යේෂණයක් සිදුකර නොමැති බවයි.

ඒ අනුව 2017 වසරේ සිදුකළ පර්යේෂණයකට අදාළ වාර්තාවක් උපයෝගී කරගනිමින් අදාළ වැරදි පුවත සකස් කර ඇති බව කියා සිටින වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්, රත්නවීර මහතා තව දුරටත් දක්වා සිටින්නේ එහි අන්තර්ගත කරුණු දෝෂ සහගත ලෙස දක්වා ඇති බවය.

අදාළ වසරේ නුවර ප්‍රදේශයේ සාම්පල 68 ක් ලබා ගනිමින් කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් මෙලෙස ව්‍යාජ පුවත සකස් කිරීම සඳහා යොදා ගෙන ඇති බව කියා සිටින ඔහු මෙවැනි සත්‍ය තොරතුරු සමාජ ගත කිරීමට පෙර ඒ පිළිබඳව අදාළ ආයතන හරහා සොයා බැලිය යුතු බවට අවධාරණය කර ඇත.

තවද ජනාධිපති මාධ්‍ය අංශය විසින් අදාළ නිවේදනයේ දක්වා ඇත්තේ වැරදි මූලාශ්‍ර ලබාදෙමින් ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම පිළිබඳව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කිරීමට වෙළෙද, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය කටයුතු කරන බවයි.

 

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්