පසුගිය මැයි 9 වන දා සිදු ප්‍රචණ්ඩකාරී සිද්ධිවලට අදාළව තවත් සැකකරුවන් සිව් දෙනෙකු ඊයේ (සැප්. 17) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල, හිටපු බස්නාහිර පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර, දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත යන මහත්වරුන්ගේ නිවාසවලට, දේපළවලට සහ වාහනවලට ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් එම සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

අදාළ සැකකරුවන් වයස අවුරුදු 30,36, 27 සහ 50ක් වන දිඹුලපතන, බලංගොඩ, නුගේගොඩ සහ මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවවෝ වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය, බලංගොඩ පොලිසිය, මිරිහාන පොලිසිය සහ මීරිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්