යුක්‍රේන හමුදාව විසින් එරට කාර්කිව් ප්‍රදේශයේ රුසියානු හමුදා ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙකු මුදාගත් බවට සඳහන් කරමින් යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

ඒ අනුව යුක්‍රේන මාධ්‍ය වාර්තා කර සිටින්නේ රුසියානු හමුදාව විසින් අදාළ ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් අනතුරුව එම ශ්‍රී ලාංකිකයින් පිරිස මාස ගණනාවක් රඳවාගෙන සිට ඇති බවයි.

මේ පිළිබඳව දක්වමින් යුක්‍රේන ජනාධිපතිවරයා විසින් අනාවරණය කර ඇත්තේ ඔවුන් Kupiansk වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුන් පිරිසක් බවය.

ඒ අනුව එලෙස මුදාගත් ශ්‍රී ලාංකිකයින් පිරිස මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්