පානදුර හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පහරකෑමට ලක්වූ පස්දෙනෙකු රෝහල් ගතකර ඇති අතර 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

මනමාලයාගේ පාර්ශවයෙන් පැමිණි මහනුවර සහ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන මම පොලිසිය පවසයි.

එසේම අත්අඩංගුවට පත් වූවන් අතර දෙවන මනමාලයා ද සිටින බවත් රෝහල් ගතකර ඇත්තේ මනාලයාගේ පාර්ශවයෙන් පහරකෑමට ලක්වූ හෝටල් සේවකයින් පස්දෙනකු බවත් පොලිසිය කියා සිටී.

ගැටුමින් හෝටලයේ දේපළවලට ද අලාභහානි සිදු ව තිබේ.

මෙම ගැටුම පිහිනුම් තටාකයේ සේවාව වෙන්කරවා ගෙන නොමැති නමුත්, පිරිසක් මත්පැන් පානය කොට එහි බැස දියනා ඇති අතර එහිදී හෝටල් සේවකයින් සමග ඇතිවූ කතා බහක් දුරදිග යාමෙනුයි සිදුව තිබේ.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්