ඊයේ (16) පස්වරුවේ රත්මලාන, බෙලෙක්කඩේ හන්දිය ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ මුදල් මංකොල්ලයක් සිදුවී තිබෙන බව වාර්තා වේ.

එහි පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඉන්ධන පිරවුම්හලේ සේවකයින් බියවද්දා මුදල් කොල්ලකා පළාගොස් ඇති අතර පොලීසිය පැවසුවේ කොල්ලකරුවන් දෙදෙනා කුඩා ගිනිඅවියක් වැනි ආයුධයක් සහ පිහියක් පෙන්වා මෙම කොල්ලය සිදුකර ඇති බවයි.

එය ඉන්ධන පිරවුම්හලේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවක ද සටහන්වී තිබුණි.

රූපියල් 1,158,000ක පමණ මුදලක් එලෙස කොල්ලකා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.

පාගමන් පැමිණ ඇති සැකකරුවන් දෙදනා මුදල් කොල්ලකෑමෙන් පසුවත් පාගමනින්ම
බෙලඩේ පොළ දෙසට ගමන් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්