ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආසියානු ක්‍රිකට් ශූරයින්, දැල්පන්දු ශූරියන් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර පිදීමේ උත්සවයක් ඊයේ (16) සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්වුණි.

එහිදී ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගත් ජතික කණ්ඩායමේ සෑම ක්‍රීඩිකාවකටම රුපියල් මිලියන 2ක බැගින් ද පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම්ලාභි යකුට රුපියල් මිලියන 10ක් සහ ලෝකඩ පදක්කම්ලාභියෙක් සඳහා රුපියල් මිලියන 5 බැගින් ලබාදීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණි.

ජයග්‍රහණ දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන් සඳහා ක්‍රීඩා අරමුදලින් සියයට 25ක් වෙන් කිරීමට ද තීරණය කර තිබෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අපේක්ෂා රෝහලට පරිත්‍යාගයක් ලෙස අමෙරිකානු ඩොලර් ලක්ෂ 5ක චෙක්පතක් ජනාධිපතිවරයා වෙත භාරදුනි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්