20යි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
සංචිතයේ නායකත්වය පවරා ඇත්තේ දසුන් ශානකටයි.
ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාප්පක්ෂ, ධනංජ්ය ද සිල්වා මෙම සංචිතයට ඇතුලත්. එමෙන්ම වනිඳු හසරංග, මහිෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, වාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, දිල්ෂාන් මදුෂංක සහ ප්‍රමෝද් මදුෂාන් ද ශ්‍රී ලංකා සංචිතයට නම්කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ අතිරේක ක්‍රීඩකයින් ලෙස අශේන් බණ්ඩාර, ප්‍රවීන් ප්යවික්‍රම, දිනේෂ් චන්දිමාල්, බිනුර ප්‍රනාන්දු සහ තවිඳු ප්‍රනාන්දු සංචිතයට නම්කර ඇති බවයි .
ශ්‍රී ලංකා කණ්ඩායම ලබන දෙවනදා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිත අතර අතිරේක ක්‍රීඩකයන් වන අශේන් බණ්ඩාර සහ ප්‍රවීන් ජයවික්‍රම එම කණ්ඩායම සමග පිටත්ව යනු ඇති.
ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරා ගනු ලැබූ මෙම මෙම සංචිතය සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහගේ අනුමැතිය ද හිමි විය.
T 20 ලෝක කුසලාන තරඟාවලිය 2022 ඔක්තෝබර් 16 සිට නොවැම්බර් 13 දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත් වේ.

මෙන්න බලන්න තවත් පුවත්