ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ මරණයෙන් මාස කිහිපයකට පසු ඔහුගේ ජීවිතය අල්ලා නිර්මාණය කරන ලද චිත්‍රපටිය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් ඊට දැඩි විරෝධය එල්ලකොට තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ පිළිබද අදහස් දක්වමින් ෂේන් වෝන්ගේ වැඩිමහල් දියණිය කියා සිටියේ මෙම චිත්‍රපටය ඔහුට අගෞරවයක් වනු ඇති බවයි.

Warnie නමින් හැඳින්වෙන කොටස් දෙකකින් යුත් චිත්‍රපටය ඕස්ට්‍රේලියාවේ නයින් නෙට්වර්ක් මාධ්‍ය ආයතනය විසින් නිර්මාණය කිරීම අරඹා තිබේ.

ඔහු එම මාධ්‍ය ජාලයේ නිවේදකයෙක් ලෙස වසර 20ක් පමණ කටයුතු කොට තිබේ.

කෙසේවෙතත් නයින් නෙට්වර්ක් මාධ්‍ය ආයතනය කියා සිටියේ මෙම චිත්‍රපටය ෂේන් වෝන් හට උපහාරයක් වනු ඇති බවයි.

මේ වසරේ මාර්තු මාසයේදී තායිලන්තයේ නිවාඩුවක් ගත කිරීම සඳහා ගොස් සිටින අතරතුරදී ඇතිවූ හෘදයාබාධයකින් ෂේන් වෝන් මරණයට පත්වූ අතර එවිට ඔහු 52 හැවිරිදි වියේ පසුවී තිබුණි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්