එළඹෙන සඳුදා ලන්ඩනයේ පැවැත්වෙන දෙවන එලිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සිය ගණනක් විදේශීය රාජකීයයන් සහ නායකයින් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් සහ ජනාධිපති ආර්යාව ජිල් බිඩෙන්ගේ සිට කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ අගමැතිවරුන් දක්වා ලෝක නායකයින් රැසක් මෙම අවස්ථාවට පැමිණීම තහවුරු කර තිබේ.
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයේ නියෝජිතයන් ලෙස කටයුතු කරන ආණ්ඩුකාර ජනරාල්වරුන් පිරිසක් නායකයින් සමඟ පැමිණීමට අපේක්ෂා කෙරේ.

එමෙන්ම බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සඳහා සහභාගි වීමට නියමිතයි.

නමුත් රුසියාව, බෙලරුස් හෝ මියන්මාරයේ කිසිදු නියෝජිතයෙකුට මෙයට ආරාධනා නොකළ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු එක්සත් රාජධානිය සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටී ඇති අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රකාශකයෙකු පැවසුවේ අවමංගල්‍ය උළෙලට සහභාගී නොවන බවයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්