
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ “මැණිකේ” ගීතයේ හිංදි අනුවාර්තනයක් බොලිවුඩ් චිත්‍රපටියකට යොදා ගෙන තිබේ.
ඔක්තෝම්බර් 25 වනදා නිකුත් වීමට නියමිත සුපිරි බොලිවුඩ් නළු සිද්ධාර්ත් මල්හෝත්‍රා සමගින් බොලිවුඩයේ සරාගිනිය නෝරා රඟන THANK GOD චිත්‍රපටිය සඳහා මෙම ගීතය ගායනා කරනු ලබන්නේ යොහානි සමගින් ජුබින් නෞටියාල් හා සූර්යා රඝුනාදන් වේ.
මේ ගීතය T-Series ලේබලය යටතේ නිෂ්පාදනය වූ ගීතයක් වන අතර මීට පැය දෙකකට පමණ පෙර යූ ටියුබ් හරහා නිකුත් වූව ද මේ වන විටත් නැරඹුම් වාර මිලියන එක හමාරකට ආසන්න සංඛ්‍යාවක් පසු කරන්නට සමත් වී තිබේ.