පේරාදෙණිය සරසවියේ නීති පීඨයේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමෙන් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අවසන් වසරේ සිසුන් පිරිසක් විසින් දෙවන සහ තුන්වන වසරේ සිසුන්ට ආපණශාලාවේ දී මෙම පහරදීම සිදුකර ඇති බවයි එම විශ්ව විද්‍යාලයේ කලා අංශයේ වැඩබලන පීඨාධිපති මහාචාර්ය ආනන්ද යවික්‍රම කියා සිටියේ.

එහිදී තුවාල ලැබූ සිසුවියන් දෙදෙනෙකු මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, සිසුවා ඇතුළත් කර ඇත්තේ පේරාදෙණිය ශික්ෂණ රෝහලටයි.

මෙන්න බලන්න තවත් පුවත්