දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද දිනයේ වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල අද දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි
ඊට අමතරව මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.
මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද දිනය සඳහා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්