ලබන ඔක්තෝබර් මාසයේ සිට රුසියානු එයරොෆ්ලොට් ගුවන් සේවය නැවතත් මොස්කව් සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් ආරම්භ කරන බව වාර්තා වේ.

ඒ බව එම ගුවන් සේවාවේ ශ්‍රී ලංකා නියෝජිත සමාගමක් වන මෝල්ඩිවියානා ඒවියේෂන් සමාගමේ සභාපති ආචාර්ය ධර්මදාස වික්‍රමගේ සදහන් කරයි.

පසුගිය ජුනි 2 වන දා කටුනායක ගුවන්තොටුපොළට පැමිණි එයරොෆ්ලොට් ගුවන් සමාගමට අයත් එයාර් බස් A330 ගුවන් යානයක් රඳවා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ වාණිජ අධිකරණය නියෝග කිරීමෙන් පසු රුසියානු එයරොෆ්ලොට් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාව වෙත ළඟා වන සියලු ම ගුවන් ගමන් අත්හිටුවන ලදී.

ඒ වනවිට ශ්‍රී ලංකාවට වැඩි ම සංචාරකයන් පිරිසක් පැමිණෙමින් තිබූ රාජ්‍යය වූයේ රුසියාවයි.කෙසෙවුවද රුසියානු සංචාරකයන් පැමිණීම අත්හිටුවීම නිසා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට බරපතළ පහරක් එල්ල වූ අතර නැවත ගුවන් ගමන් ආරම්භ කිරීම මෙරට සංචාරක ව්‍යාපාරයට බලවත් රුකුලක් වනු ඇති බවත් මෝල්ඩිවියානා ඒවියේෂන් සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්