අගලවත්ත, කැකුලන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙක් ඇසිඩ් ප්‍රහාරයකට ලක්වි රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදි ජිවිතක්ෂට පත්ව තිබේ.

ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇත්තේ ජිවිතක්ෂට පත්වු පුද්ගලයාගේ බිරිද විසින් බවට චෝදනා එල්ලවී තිබේ.
එ අනුව අදාල කාන්තාව ඇතුළු තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පවුල් ආරවුලක් මත අදාළ පුද්ගලයාට ඇසිඩ් ප්‍රහාරය එල්ලවී ඇති බවට පොලීසිය සැකපළ කරයි.

අත්අඩංගුවට පත්ව ඇති අදාළ කාන්තාව නීතිඥවරියක් බවට වාර්තා වේ.
අත්අඩංගුවට ගත් කාන්තාව 38 හැවිරිදි වියේ පසුවන අතර එම පිරිස අතර ඇයගේ 64 හැවිරිදි වියේ පසුවන බාප්පා සහ 36 හැවිරිදි වියේ පසුවන සහෝදරයාද වන බව සදහන් වේ.

කෙසේ වෙතත් සැකකාර නීතිඥවරිය ප්‍රකාශ කර ඇත්තේ සිය සැමියා විසින්ම ඔහුගේ සිරුරට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකරගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මතුගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙන්න බලන්න තවත් පුවත්