ඉන්දියානු වනාන්තර වලින් වඳ වී සිටින චීටාවන් නැවත එරට තුළ සුලබ කරලීම සඳහා සිදු කරන විශේෂ වැඩහටහනට සමගාමීව අගමැති නරේන්ද්‍ර සිං මෝඩිගේ උපන් දිනය යෙදෙන සැප්තැම්බර් 7 හෙවත් හෙට දිනය තුළ නැම්බියානු පරිත්‍යාගයක් වශයෙන් එවනු ලබන චීටාවන් 8 දෙනෙකු ඉන්දියාව වෙත ලඟා වීමට නියමිතයි.

මේ පිළිබඳව දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ තම උපන්දියට සමගාමීව අගමැතිවරයා විසින් පෞද්ගලිකවම මෙම චීටාවන් 8 දෙනා රට වෙනුවෙන් භාර ගනු ඇති බවය.

අතීතයේදි ඉන්දියාව ආසියාතික චීටාවන්ට නිවහන වූ නමුත් 1952 වන විට මෙම විශේෂය එරටින් සම්පූර්ණයෙන්ම වඳ වී ඇත. ඉන්දියානු ඉතිහාසය සාක්ෂි දරන්නේ රාජකීය කුමාරයෙකු විසින් ඉන්දියාව තුළ ජීවත් වූ අවසන් චීටාවන් තිදෙනා මරා දමා ඇති බවයි.

කෙසේ වුවද පසුගිය 2020 වර්ෂයේදි දිල්ලි අධිකරණය විසින් ඉන්දියාවට අවේණික වූ චීටාවන්ට වඩා වෙනස් උප විශේෂයක් වන අප්‍රිකානු චීටාවන් පර්යේෂණාත්මකපදනමක් මත “ප්‍රවේශමෙන් තෝරාගත් ස්ථානයක” පදිංචි කළ හැකි බවට ප්‍රකාශ කිරීමත් සමග ඉන්දියාව විසින් එරට තුළ චීටාවන් නැවත ව්‍යාප්ත කිරීම සඳහ වැඩසටහන් ආරම්භ කරන ලදී.

ඒ අනුව හෙට නැම්බියාවේ සිට පැමිණීමට නියමිත පිරිමි සතුන් පස් දෙනා සහ ගැහැණු සතුන් තිදෙනා මුලින් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කුනෝ ජාතික වනෝද්‍යානයේ නිරෝධායන කොටුවක තැබීමට නියමිත අතර ඊට අමතරව දකුණු අප්‍රිකාවෙන් තවත් චීටාවන් ඉන්දියාව වෙත ගෙන ඒමට සැලසුම් කර ඇත.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්