මෙරට ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදා නොහොත්  ගම්පොළ විදානගේ සමන්ත කුමාර  අද (15) කොළඹ මහාධිකරණ වෙත කැඳවා තිබේ.

 

ඔහු හා  ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක විභාගය සඳහා මෙලෙස අධිකරණයට කැඳවා තිබුණු අතර, එහිදි ඔහුට දැඩි ආරක්ෂාවක් ලබා දී තිබෙනු දැක ගත හැකි විය.

 

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් යොදවමින්  කොළඹ දෙහිවල, රාජගිරිය, මාදිවෙල ඇතුළු ප්‍රදේශය කිහිපයක නිවාස හා දේපළ අත්පත් කර ගැනීම හරහා  මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනාව මත  “වෙලේ සුදා” ඔහුගේ බිරිඳ සහ ඥාති සහෝදරියකට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණු අතර එහිදි මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කර සිටියේ අදාළ නඩුව දෙසැම්බර් මස 05 වනදා කැඳවන ලෙසයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්