මාගල්කන්ද මුහුදේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙක් රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර, ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද උදෑසන 11.40ට පමණ මෙය සිදුව ඇති අතර, රළ පහරට හසුව ගසාගෙන ගොස් සිටි එක් තරුණයෙක් බේරාගෙන බේරුවල දිස්ත්‍රික් රෝහලට ඔවුන්ව ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් සෙසු දෙදෙනා බේරා ගැණුන ද ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙන්න බලන්න තවත් පුවත්