සීදූව, වෑත්තෑව, නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති නැඩගමුවේ මහානාම හිමි හිමියන්ගේ අපවත්වීමට අදාළව එම විහාරස්ථානයේ වැඩ විසූ අනෙක් හිමි නම අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

එම හිමි නම 18 වන වියේ පසු වන බවත් එම හිමි නම අද (සැප්. 15) ඩුබායි බලා පිටත්ව යාමට තැත් කිරීමේදී කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සදහන් කරයි.

සීදූව, වෑත්තෑව, නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්, උන්වහන්සේ වැඩ සිටි කුටිය තුළ ම අපවත් වී සිටියදී ඊයේ (සැප්. 14) පස්වරුවේ සොයා ගෙන තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, උන්වහන්සේගේ අපවත් වීම ඝාතනයක් බවට සැක කරන බව ය.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්