ටෙලි තිරය තුලින් බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනූ දිනක්ෂි ප්‍රියසාද් රංගනයටත් නර්තනයටත් නිවේදනයටත් එකසේ දස්කම් දක්වන්නියක්.

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන ඇය මේ වන විට සුරතල් දියණියකගේ මවකි.

ඇය සිය රංගන ජිවිතයට කෙටි කාලයක් විවේකයක් ලබා දුන්නද එම විරාමය අවසන් කරමින් නැවතත් ඇය රංගන කටයුතුවලට සම්බන්ධ ව සිටින බව අපට අසන්නට ලැබුණා.

ඇය ඒ පිලිබදව පැවසුවේ මෙලෙසයි.

මුලින්ම Sinama.lk එක වෙනුවෙන් අප්‍රේල් මාසයේදී අලුත් අවුරුද්ද සඳහා නිසංක වේහැරදුව මහතා අධ්‍යක්ෂණය කළ “අප්පච්චි”කෙටි චිත්‍රපටයටත්, දිල්ශාර ජයමාන්න මහතා අධ්‍යක්ෂණය කළ “යාළුවෝද යාළුයිද” චිත්‍රපටයටත් සම්බන්ධ වුණා. ඉන් පසුවයි තිරය ඇරපන් ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ.

ශිවගුරුනාදන් මහතාගේ “තිරය ඇරපන්” ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරනවා. එය සැප්තැම්බර් 06 වැනිදා සිට සතියේ දින 5ම රාත්‍රි 9.00ට ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වනවා. ඉතින් රූපගත කිරීම් සහ බබාගේ වැඩත් සමඟ තරමක් කාර්යබහුලයි.

ප්‍රවීණ නළු සාරංග දිසාසේකරගේත් බිරිද ලෙසින් සුරතල් දියණියක සමග සාර්ථක යුග දිවියක් ගත කරන ඇය මවු පදවිය ගැන මෙසේ අදහස් දක්වා සිටියා,

මවු පදවිය බොහොම උතුම් සුන්දර අත්දැකීමක්. ඒ වගකීම එකවරම වගේ තමයි ලැබුණේ. මම හරිම සැහැල්ලුවෙන් ජීවත් වුණු කෙනෙක්. විවාහය නිසාවත් වගකීම් කියන දේ මට ලොකුවට දැනුණේ නැහැ. අපි දෙන්නාම සෑමවිටම අපේ ජීවිත අතිශය සංකීර්ණ කරගන්නේ නැතිව එදිනෙදා ජීවිතය බොහොම සාමාන්‍ය විධියට ගත කරනවා. අම්මා කෙනෙක් විධියට දැන් මට ලොකු වගකීමක් පැවරී තිබෙනවා. නමුත් ඉතින් ඒක ලොකුවට බරක් කරගෙන නැහැ. බබත් සමඟ ගත කරන කාලය හරිම සුන්දරයි

කෙසේවෙතත් ඇයගේ ඉදිරි කලා කටයුතු සියල්ලක්ම සාර්ථක වේවා කියා අප හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

මෙන්න බලන්න තවත් පුවත්