ශලනි තාරකා කියන්නේ අපේ කාලයේ කලාවට දායද වුණු වටිනාම මැණිකක් කිව්වොත් බොහෝ දෙනා මා සමග එකඟ වේවි.

 

ජනප්‍රියත්වය මෙන්ව දක්ෂකමත් එකසේ තිබෙන මෙම අපූරු රංගන ශිල්පිනිය කලාවට දායාද වෙන්නේ සිරස කුමරිය හරහා. එදා සිරස වේදිකාවෙන් ආරම්භ වූ ගමන අද ඇයව ලංකාවේ ජනප්‍රියම මෙන්ම දක්ෂතම නිළිය බවට පත් කරලා තියනවා.

 

 

නමුත් කොතරම් දක්ෂ වුණත්, සුරූපි වුණත් ඇගේ ජීවිතයේ ඉතාමත් අඳුරු සමයක් ගත කරන්නට ඇයට සිදු වෙනවා, ඒ ඇගේ නම හා එකට ඈඳිච්චි, ඇගේ පෙම්වතා යැයි කියන තවත් රංගන ශිල්පියෙක්ගේ මරණය හේතුවෙන්.

 

ඔහුගේ මරණයත් සමග ශලනිට සමාජයේ ඇතැම් පිරිස් බොහෝ චෝදනා එල්ල කළත් ඇය ඒ සියල්ල දරාගෙන ශක්තිමත් ගමනක යනවා, ඒ වගේම ඇයට ආදරේ කරන ඇගේ රසික රසිකාවිය බොහෝමයක් ඇය වෙනුවෙන් පෙනී හිටිනවා.

 

 

කොහොම නමුත් ඇය ගැන උනන්දු වෙන බොහෝ දෙනෙක් දැනගන්න කැමැත්තෙන් ඉන්න දෙයක් තමයි අතීතයේ අඳුරු සෙවණැලි අමතක කරලා ඇය ආපහු කවදද අලුතෙන් ජීවිතයක් පටන් ගන්නේ, එහෙම නැත්තම් අලුතෙන් ආදරේ කරන්න පටන් ගන්නේ කියන එක.

ඇගේ පෙම්වතා ගැන නිශ්චිත වශයෙන් කියන්නට බැරි වුණත් ඇය මේ වෙද්දි පෙම්වතියක් කියලා කියන්න පුළුවන් බොහෝමයක් ඉඟි පළවෙලා තියනවා.

 

ඔය අතරේ තමයි ඇය ආදරේ ගැන අපූරු කතාවක් ඉන්ස්ටග්‍රෑම් හරහා මුදා හරින්නේ, බලන්න ඇය කියන කතාව කොච්චර ඇත්තද කියලා.

ජීවිතේ අපිට එක එක ජාතියේ පුද්ගලයින් හමුවෙනවා. සමහරු අපිට ආදරේ පෙරවදන කියල දීලා යනවා. සමහරු අනාගතය ශක්තිමත් කරලා යනවා. සමහරු වේදනාවක් එක්ක ජීවිතයම අදුරු කරලා යනවා. සමහරු ඔයාගෙන්ම බැබලිලා ඔයාව හෑල්ලු කරලා යනවා. තවත් සමහරු ඔයාව කූඩුවක දාගෙන නීතිපොතක් අස්සේ ඇති කරනවා.
හැබැයි ඔයා ඉවසලා හිටියොත් දවසක් එනවා ඔයාට ඔයා වෙන්න පුලුවන් ඔයාට හදවතින්ම ආදරය කරන මුලු ලෝකයම ඔයා කර ගත්ත කෙනෙක් හමුවෙන, එතැන හරිම සුන්දරයි. මොන ප්‍රශ්නය ආවත් ඔයාව දාලා යන්නැති හැමදේකදිම ඔයාට හයියක් වෙන, Toxic relationships එක්ක හෙම්බත් වුන ඔයාට ඇස්දෙක පියාගෙන සැනසෙන්න පුලුවන් තැනක්. කොච්චර දුරට තල්ලුකරත් ඔයාටම ඇදිලා එන කෙනෙක් . ඔයා වාසනාවන්තයි දැනටමත් ඒ කෙනා ඔයාට හම්බ වෙලානම් , පලමු ආදරේම ඒ කෙනා වුනානම්.
හැබැයි ගොඩාක් පරක්කු වෙලා හරි දවසක එයා ඔයාට මුන ගැහෙනවා. එදාට ඒ ආදරේ පරිස්සම් කරගන්න. සමහරවිට එයත් ඔයා වගේම ආදරේ හොයලා හෙම්බත්වුන කෙනෙක් වෙන්න පුලුවන්. එහෙම නැත්තන් ඔයාගේ මුලු ලෝකෙම ලස්සන කරන්න එයා ආවා වෙන්න පුලුවන්.
අන්න ඒ ඇස් දිහා බලලා ඒ අත්දෙක හයියෙන් අල්ලගන්න එදාට දැනෙයි මේ ජීවිතේ කොච්චර ලස්සනයිද කියලා…♥️🌹

ශලනි තාරකා

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්