පාකිස්තානයේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු හා පළමු පෙළේ ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළ අසාද් රවුෆ් මහතා අභවප්‍රාප්ත වී ඇත.

මිය යන විට 66 වන වියෙහි පසුවූ ඒ මහතා එක්දින තරග 139ක්, ටෙස්ට් තරග 66ක් සහ 20/20 තරග 28ක් සඳහා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

එතුමාගේ අභාවය පිළිබඳව දක්වමින් පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබුණේ එය හෘද්‍යාබාධයක් හේතුවෙන් සිදුවූ මරණයක් වන බවයි.

 

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්