ශ්‍රී ලාංකීය සිනමා නිර්මාණකරුවන්ට ජාත්‍යන්තරය තුල හිමිව තිබෙන්නේ අද්විතීය ස්ථානයක්. එය යථාර්තයක් බවට පසක් කරමින් ශ්‍රි ලාංකිකයන්ට පමණක් ආවේණික වූ නිෂ්පාදනයන් ලොකයටම ගෙනයමින් ශ්‍රී ලාංකීය නාමයට මහත් ආඩම්බරයක් එක් කරදුන් තවත් එක් සිනමා අධ්‍යක්ෂකවරයකු වන පරාක්‍රම ඒකනායක මහතාගේ අධ්‍යක්ෂණයෙන් යුත් Stranger කෙටි චිත්‍රපටය පසුගිය දා තමිල්නාඩුවේ පැවැත්වුන White Pearl International film festival -2022 සම්මාන උළෙලේ දී ප්‍රධාන සම්මාන හතරක් දිනා ගැනීමට සමත් වුණා.

ඒ පිළිබදව ඔහු සිය මුහුණු පොතේ මෙසේ සටහනක් තබා තිබුනා.

අද උදෙන්ම canada canoe නිෂ්පාදන ආයතනයෙන් email එකක් මගින් Stranger කෙටි චිත්‍රපටය තමිල්නාඩුවේ පැවැත්වුන White Pearl International film festival -2022 සම්මාන උළෙලේ දී හොඳම නිෂ්පාදනය ,හොදම කෙටි චිත්‍රපට සහ හොදම කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයට සම්මාන හිමි කර ගත් බවත් එයට ආදාලව සම්මාන උළෙලේ මගින් ⁣ප්‍රධානය කර තිබෙන සහතික පත් ද මා වෙත එවා තිබිණ.

අහේතුකව ජිවත් වන කාලයක ,හේතුවක් ඇති දෙයකට ජයග්‍රහණයන් හිමි විමත් මේ මොහොතේ සතුටක්..
Stranger කෙටි චිත්‍රපටය සාර්ථක කර ගැනීමට වෙහෙස මහන්සි වු සැමට හෘදයාංගම කෘතඥ පුර්වක ,ස්තුතියි මමත්, විධායකය නිෂ්පාදක විරාජ් කරුණානන්ද ත්, canoe production ආයතනයත් පිරි නමනවා.
(Stranger කෙටි චිත්‍රපටය මිට පෙර Tagore international film festival නියෝජනය කරමින් හොදම නිෂ්පාදන සදහා සම්මානයත් ,Golden leaf international film festival නියෝජනය කරමින් හොදම නිෂ්පාදනයටත්,The Buddha film festival නියෝජනය කරමින් හොදම විදෙස් භාෂා කෙටි චිත්‍රපටයටත් සම්මාන හිමි කර ගැනීමට සමත් විය.)

Stranger
අධ්‍යක්ෂණය :පරාක්‍රම ඒකනායක
විධායක නිෂ්පාදන :විරාජ් කරුණානන්ද
කැමරා අධ්‍යක්ෂණය :ජිවක වික්‍රමාරච්චි
සංස්කරණය :පරාක්‍රම ශ්‍රී බණ්ඩාර
වේෂ නිරූපනය : ලක්මාල් වේවැල්වල
සම්බන්ධිකරණය : මනෝරි පෙරේරා
නාලක රත්නායක
නිෂ්පාදන සහය :සංජිව කාරියවසම්
නිෂ්පාදනය :canoe production – canada
රංගනය : ,,නිලංක නවෝද් සිරිවර්ධන
කලිදු මාධව කැප්පෙටිවලාන
සිළිදු හේරත් .

https://youtu.be/gj7F7Su6Px8

එමෙන්ම පසුගිය වසරේ පැවති නිකොබාර් ජාත්‍යන්තර සිනමා උළෙලේ දී ද ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද කොහු කෙන්දෙන් බැඳ ජීවිත (LIFE ON COIR) චිත්‍රපටය සඳහා ජූරියේ විශේෂ සම්මානය හිමි කරගන්නට හැකියා ලැබී තිබුණා. මයි අම්මා නැමති අවුරුදු 80ක් වගේ වයසක පසුවන කානතාවක් විසින් සිය දෑතින් සිදු කරන කොහු ලණු ඇඹරීමේ කර්තව්‍යය මුල්කරගනිමින් එම චිත්‍රපටය නිර්මාණය කොට තිබුණි.

මෙන්න බලන්න තවත් පුවත්