රට තුළ පවතින ෆයිසර් කොරෝනා මර්දන එන්නත් භාවිතයට ගත හැක්කේ තවත් සති 6 ක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

එම නිසා සිව්වැනි කොරෝනා මර්දන එන්නත් මාත්‍රාව ජනතාව කඩිනමින් ලබා ගැනීමට පියවර ගත යුතු බව කොවිඩ් රෝග පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.

මේ වනවිට කොරෝනා මර්දන ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 7 ක් මෙරට ගබඩාවල පවතින බවත් මෙරට ජනගහනයෙන් සිව්වැනි කොරෝනා මර්දන එන්නත් මාත්‍රාව ලබාගෙන ඇත්තේ 15% ක් පමණක් බවත් වෛද්‍ය අන්වර් හම්දානි වැඩිදුරටත් සදහන් කරයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්