හිමි දෙනමක් පන්සලේ දේපළ බෙදාගැනීමට නොහැකිව පිහි ඇනුමක් සිදු කර ඇති පුවතක් පිළියන්දල, මඩපාත ප්‍රදේශයෙන් වාර්තා වේ.

එලෙස ආරවුලක් හට ගෙන ඇත්තේ පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ විහාරස්ථානයකයි.

එහිදී ස්වාමීන් වහන්සේලා දෙනමක් අතර ඇතිවූ ආරවුලකින් එක් ස්වාමීන් වහන්සේ නමක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර තුවාල ලැබූ ස්වාමීන් වහන්සේට පිහියකින් ඇන ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ ම 58 හැවිරිදි හිමිනම අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිහි ඇනුම පන්සලේ දේපළ සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත සිදුකර ඇති බවට පොලිසිය සැක කෙරේ.

සැකකාර ස්වාමීන් වහන්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්