පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී.බී. හේරත් සහ යූ.කේ. සුමිත් උඩුකුඹුරගේ පක්ෂ කාර්යාලයට, නිවසට සහ දේපළවලට මැයි 9 වන දා පහර දී ගිනි තබා අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඊයේ (සැප්. 13) දිනයේදී කුරුණෑගල කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුව වාරියපොළ සහ කුරුණෑගල පොලිස් ස්ථාන වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකරුවන් වයස අවරුදු 19, 27, 29, 36 සහ 55ක් වූ මලගනේ සහ මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිරකරුවෝ වෙති.

සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ සහ කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්