මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන නෙළුම් කුළුණ නැරඹීම සඳහා නිකුත් කෙරෙන ප්‍රවේශ පත්‍රය ලෙස සැකසූ ව්‍යාජ ප්‍රවේශ පත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

එම අනුව සත්‍ය ප්‍රවේශ පත්‍රයේ සහ ව්‍යාජ ප්‍රවේශ පත්‍රයේ ඡායාරූප දෙකක් පළ කරමින් චීන තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ, එය සමාජ මාධ්‍ය තුළ හුවමාරු කර ගැනීමට ප්‍රථම ව්‍යාජ නොවන බවට තහවුරු කර ගන්නා ලෙසයි.

එමෙන්ම, නෙළුම් කුළුණ සම්බන්ධයෙන් නොමිලේ ලබා දුන් ප්‍රචාරණයට ද ස්තූතිවන්ත වන බවත් හෙට (සැප්. 15) දිනයේ ප්‍රවේශ පත්‍ර ලබා ගෙන නෙළුම් කුළුණ සිය දෑසින් ම දැක බලා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.

ඒ අනුව හෙට සිට නෙළුම් කුලුන ජනතාව සඳහා විවෘත කිරීමත් සමග රුපියල් 500 ක් සහ රුපියල් 2,000 ක් ලෙස ප්‍රවේශ පනු මිලදී ගනිමින් ඊට පිවිසිය හැකි වේ.

 

 

මෙන්න බලන්න තවත් පුවත්