හෙට (15) සිට දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස ඉදිකෙරුණු නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව හෙට සිට නෙළුම් කුලුන ජනතාව සඳහා විවෘත කිරීමත් සමග රුපියල් 500 ක් සහ රුපියල් 2,000 ක් ලෙස ප්‍රවේශ පනු මිලදී ගනිමින් ඊට පිවිසිය හැකි වේ. එමෙන්ම විදේශිකයින් සඳහා ප්‍රවේශ පත්‍ර ගාස්තුව අමෙරිකානු ඩොලර් 20ක් වන බව සඳහන්ය.
මේ වසරේ දෙසැම්බර් 31 වන දින වන විට විවිධ උත්සව 15ක් සඳහා ඇණවුම් ලැබී ඇති බව නෙළුම් කුලුන පුද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරි විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා සදහන් කරයි.

2012 වසරේදී ආරම්භ කළ නෙළුම් කුලුනේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ පෙබරවාරි මස 28 වන
දින අවසන් කොට තිබේ.

ඒ සඳහා චීන සමාගම විසින් ලබාදුන් ණය මුදල්ලේ ගෙවීම් කටයුතු 2024 වසරේදී අවසන් කිරීමට නියමිතය.

එමෙන්ම මේ වන විට දේශීය ආයෝජකයින් සහ විදේශීය ආයෝජකයින් නෙළුම් කුලුන ආයෝජනයට එක්ව ඇති අතර ආයෝජකයින් 22ක් ගිවිසුම්ගත වීමට කැමැත්ත පළ කර ඇති වාර්තා වේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්