ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල යළි පහළ ගොස් ඇත.

ඒ අනුව අද (14) බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.79ක් දක්වා අඩුවී ඇති අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 87.02ක් දක්වා අඩුවී තිබුණි.

ඉල්ලුම වැඩිවීමත් සමගම පසුගිය අගෝස්තු මාසයේ බොර තෙල් මිල යම් තරමකින් වැඩිවුණු නමුත් ඇමෙරිකාවේ පොලී අනුපාතය නැවත වරක් ලබන සතියේ ඉහළ යයි යන අපේක්ෂාවන් හේතුවෙන් මේ වන විට බොර තෙල් මිල පහළ ගොස් තිබේ.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්