ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රහණය පසුපස හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සදහන් කරයි.

නාමල් රාජපක්ෂ මහතා වසර දෙක හමාරක් තිස්සේ ක්‍රීඩාවට කළ සේවයේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතින බවත් ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව දක්ෂයන්ට ඉදිරියට ගෙන ඒම සඳහා නාමල් රාජපක්ෂ මහතා විශාල කාර්යභාරයක් ඉටු කළ බවත් ඔහු කියා සිටී.

එනිසා නාමල් රාජපක්‍ෂ මහතාට ඇමති ධුරයක් ලබා දීම ඉතාම සුදුසු බවත් ඔහු සඳහන් කළා.

ඔහු මේ බව පැවසුවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්