සැප්තැම්බර් 19 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ දෙවන එලිසබෙත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය එදිනට යෙදීම හේතුවෙනි.

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළේ එදින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් රජයේ කාර්යාල සඳහා විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර තිබෙන බවයි.

මෙය රජයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට බාධාවක් නොවිය යුතු බවත් එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්