ලාංකීය ගීත කලාව තුළ විවිධ ශෛලීන්ගෙන් යුත් විවිධාකාර ගීතය අපට නිරතුරුවම අසන්නට ලැබෙනවා. එවැනි ගීත අතරින් බොහෝ තරුණ තරුණියන් නව පරපුරේ ගීත වලට දක්වන්නේ පුදුමාකාර ආසාවක්.

එලෙස ලාංකීය ගීත ක්ෂේත්‍රයේ දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් නව පරපුරේ ගීත නිර්මාණකරුවකු වන ශේන් සිං ඔහුගේ නවතම ගීතය පසුගියදා එළි දැක්වූවා.

ගීත කලාව තුළ අලුත් වෙනසකට මුලපිරූ ඔහුගේ එම ගීතය පිළිබඳව අපි ඔහුත් සමඟ මෙසේ පිළිසඳරක යෙදුණා.

කොහොමද මේ දවස් වල ජීවිතේ

ඇත්තටම මේ දවස්වල ජීවිතේ ඉතාමත් හොඳයි. හැමදාම වගේ ලයින් වන් මගේ සංගීත කණ්ඩායමත් එක්ක ඉතාමත් කාර්යබහුල වෙලා ඉන්නවා.

විශේෂයෙන්ම මේ දිනවල කොරියාව, ඩුබායි වගේ රටවල් කිහිපයක පැවැත්වෙන ප්‍රසංග කිහිපයක් සඳහා බැන්ඩ් එකත් එක්ක විදේශ සංචාර කීපයකට සූදානම් වෙමින් ඉන්නවා. ඉදිරියේදී ලංකාවෙත් musicle shows ටිකක් තියනවා. ඉතින් ඒවට සූදානම් වෙමින් වැඩ කටයුතු කරගෙන යනවා.

ඔබේ නවතම ගීතය ගැන කතා කරමු?

මේ ගීතය ගැන කතා කරනවා නම් මම රැප් කරපු පලවෙනි ගීතය මේක. ඒ වගේම ලංකාවෙ හොදම රැපර් කෙනෙක් වන ස්මොකියො එක්ක තමයි මේ ගීතය මම එකතුවෙලා කලේ.

විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ගීතයෙ වචන සහ තනුව මගේ නිර්මාණයක්.

මේ ගීතයට ගොඩක් උදව් කළා විරාජ් මාලිංග, රමේෂ් ප්‍රනාන්දු, උමේෂ් මල්ලි ලයින් වන් video production එකේ සෙට් එක. ඒකට අලුතෙන්ම විරාජ් මාලිංග ඇතුළත් වෙලා මේ වැඩේ ලස්සනට කරගන්න අපිට සහයෝගය ලබා දුන්නා විඩීයෝ අධ්‍යක්ෂණය පැත්තෙන් .

Audio සම්බන්ධයෙන් කතා කරනවා නම් හෂාන්ට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා track එක produce කළාට. ඒ වගේම මේ ගීතයේ mixing and mastering වලින් යහජ කෙවී අපේ LINE ONE සංගීත කණ්ඩායමේ sound engineer උදව් කරලා තියෙනවා. ඉතින් මේ සියලු දෙනාට මම නැවත වරක් ස්තුතිවන්ත වෙනවා මේ වැඩේ මට ලස්සනට කරගන්න උදව් කලාට.

අලූත්ම ගීතයට ලැබෙන්නේ මොනවගේ ප‍්‍රතිචාරද?

ලැබෙන ප්‍රතිචාර නම් ඉතාමත් ඉහළයි. බලාපොරොත්තු වුණේ නැති විදිහට ප්‍රතිචාර හම්බ වෙනවා. ඇත්තටම ගොඩක් සතුටුයි.

ගීතයේ vishual එක නිර්මාණයේදී production team එකෙන් ඔබට ලැබුණු සහයෝගය කොහොමද?

ඒක ගැන කතා කළොත්, මගේ ලයින් වන් productions team එකට මම විරාජ් මාලිංග මගේ මිත්‍රයාට ආරාධනා කළා අධ්‍යක්ෂණයෙන් සහයෝගය වෙන්න කියලා.එතනදී විරාජ් ඇවිල්ලා ඉතාමත් ලොකු සේවයක් කරා වීඩියෝ edit එකට. මම හිතුවෙවත් නැති විදිහට විරාජ්ගෙන් ලොකු සහයෝගයක් මට ලැබුණා. ඒකට ගොඩක් සතුටුයි.

මේ ගීතය නිර්මාණය වුණේ අවුරුදු කිහිපයකට පස්සේ. ඇයි මෙච්චර කලක් ගීත ක්ෂේත්‍රය තුළ නිහඩව සිටියේ ?

ඇත්තටම මම දිගින් දිගටම සින්දු කරන කෙනෙක් නෙමෙයි. මේ වෙනකොට මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ල අවුරුදු 20කටත් වැඩියි.

මම දැනට කරපු ගීත ගැන කියනවනම් සංවේදනා, ආදරේ වේදනා, ත්‍රෛලෝක විජය පත්‍ර , වායෝ සංගීත කණ්ඩායමක් සමඟ හිටපු කාලේ අපි සැනසිල්ලෙ කියන ගීතය, ඈත ජැමෙයිකා දේශයේ බොබ් මාලි ගීතය, කොළඹ චිත්‍රපටයට නිර්මාණය කරපු කොළඹ කියන ගීතය වගේ ගීත කිහිපයක් තමයි මම ගායනා කරල තියෙන්නෙ.

ගීත කීපයක් විතරක් කරලා ක්ෂේත්‍රයේ උඩින්ම ඉන්න ලොකු පිනක් තියෙන්න ඕන. ඒකට මම මගේ රසිකයන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

මෙතෙක් ආ සංගීත ගමන් මග තුළ අමතක නොවන අත්දැකීම් එහෙම තියෙනවද?

අමතක නොවන සිදුවීම් ගොඩක් තියෙනවා.

ඒ අතරතුරේ ලයින් වන් සංගීත කණ්ඩායම හදපු එක තමයි අමතක නොවන ලොකුම සිදුවීම. ඒක නම් අමතක වෙන්නේ නෑ . ඒක මම මා විසින්ම ආඩම්බරයට පත් වෙන කාරණාවක් වෙනවා මගේ සංගීත ජීවිතේ.

ඔබගේ කලා ගමන් මග ගැන කෙටියෙන් මතක් කරමු?

මම මේ ක්ෂේත්‍රයට පිවිසුණේ වසර 2000 ඉඳලා. ඉස්කෝලෙන් අවුට් වෙච්ච හැටියම වගේ.

ඒ වෙනකොට මම SAMAN AND THE CLAN, සනිධප, BACHI WITH FIRE, WAYO, වගේ සංගීත කණ්ඩායම් කිහිපයකටම මම සහභාගි වෙලා තියෙනවා. ඉතින් මේ වගේ සංගීත කණ්ඩායම් වලින් පස්සේ මම මගේම සංගීත කණ්ඩායමක් LINE ONE මේ වෙනකොට පවත්වාගෙන යනවා.

ගීත ක්ෂේත්‍රය තුළ ඔබේම අනන්‍යතාවයක් ගොඩනඟා ගන්නේ කොහොමද?

ඇත්තටම තමාගේම සහ තමාටම හුරු සංගීත නිර්මාණ කරන්න ඕන සහ තමාට ගැලපෙන නිර්මාණ කළොත් මං හිතනවා අන්‍යතාවක් බිහිකර ගන්න පුළුවන් කියලා.

ඉතින් මම හිතනවා මම ඒක මේ වෙනකොට කරගෙන තියෙනවා කියලා මටම කියලා මගේ unique voice එකෙන් සහ unique style එකෙන්.

වර්තමානයේ ලංකාව තුළ බිහි වෙලා තියෙන ගීත ගැන මොකද හිතෙන්නේ,

ඉතාමත්ම හොඳ නිර්මාණ බිහි වෙලා තියෙනවා. යූටියුබ් එකට ඉතාමත් හොඳ ගීත නිතර නිතර අලුතෙන් එනවා. ඒක ගැන ගොඩක් සතුටුයි. මොකද හේතුව ලංකාවේ musically ගොඩක් advance වේගෙන එනවා. ලෝකෙ අනිත් රටවල් එක්ක සසඳද්දී ලංකාවේ සංගීතයේ ඉතාමත්ම හොඳ මට්ටමකට පත්වී තිබෙනවා.

ඉදිරි වැඩ කටයුතු

තවත් ගීත කිහිපයක් ඉදිරියේදී රිලීස් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. කොහොම වුණත් මගේ සංගීත කණ්ඩායමත් එක්ක ලොකු ගමනක් යන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව වෙන්නේ.

” දින සති ” 

Artist – Shane Zing ft Kevin Smokio
Lyrics & Melody – Shane Zing
Video Director – Viraj Malinga Gamage
Music – Ashan Fernando
DOP / Editor – Ramesh Fernando
Makeup – Supun Stainwall
Production manager – Ishan
Cast – Shane Zing and Alexandra Prostyl

 

 

 

මෙන්න බලන්න තවත් පුවත්