රාජ්‍ය සේවය සඳහා වන අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිව නතර කිරීමට රජය තීරණය කොට ඇත.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍ය රමේශ් පතිරණ මහතා විසින් මේ බව සඳහන් කර සිටියේය.

එහිදි ඔහු විසින් වැඩි දුරටත් සඳහන් කරන්නට යෙදුනේ, ඇතැම් ආයතනවල සේවය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය වෙනුවෙන් අතිරික්තව තිබෙන අංශවලින් සේවකයින් යොදාගැනීමට අනුමැතිය හිමිවූ බවයි.

එමෙන්ම ඊට අමතරව ජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත්කර ඇති අතර එයට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්