අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 100 කඩිනම් ප්‍රතිපාදනයක් වෙන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍ය රමේශ් පතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේය.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අරමුදල් යටතේ ක්‍රියාත්මක කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය හා ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිය මගින් සැලසෙන අමෙරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් මෙලෙස යොදා ගැනීමට අනුමැතිය හිමිව තිබේ.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්