15 හැවිරිදි දැරියකට කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු විසින් ස්කෑන් කාමරය තුළදී ලිංගික අතවර කළ බවට චෝදනා කිරීමේ පුවතක් වාර්තා වේ.

ඇයව උදරාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර මූලික ප්‍රතිකාරවලින් අනතුරුව ස්කෑන් පරීක්ෂණයකට යොමු කර ඇති බවත් පරීක්ෂණයට සූදානම් වී ඇඳක් මත වැතිර සිටි දැරිය වෛද්‍යවරයා විසින් ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

දැරිය වාට්ටුවට ගෙන එන විටත් අඬමින් සිටි අතර ලිංගික ඉන්ද්‍රියවල දැඩි වේදනාවක් ඇති බවට පැමිණිලි කර ඇති අතර හෙද නිලධාරිනියගෙන් කළ විමසීමකදී ඇය ස්කෑන් කාමරයේදී තම අත්දැකීම හෙළි කොට තිබේ.

වාට්ටුව භාර වෛද්‍යවරයාගෙන් ලද තොරතුරක් මත රෝහල් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජානකී වරුෂාහැන්නදි මහත්මිය රෝගියා පරීක්ෂා කර දැරිය දූෂණයට ලක්ව නොමැති බව වාර්තා කොට තිබේ.

ගාල්ල පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනි අයි.පී.චෞදරි මහත්මිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

source – daily mirror

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්