2022 ආසියානු ක්‍රිකට් කුසලානය හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සිය උණුසුම් සුභ පැතුම් එක්කොට තිබේ.

ආසියානු ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානයට එරෙහිව අවසන් මහා තරගයෙන් වාර්තාගත විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමින් අපේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා කීර්තිනාමය නැවත ජාත්‍යන්තරය හමුවේ ඔසවා තබා ඇති බවත් මෙම සියලු ජයග්‍රහණයන්ට නායකත්වයේ සහ කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ගේ එකමුතුව සහ අසීමාන්විත කැපවීම ඉවහල් විය. ඒ වෙනුවෙන් කැප වූ පුහුණුකරුවන්ට, කළමණාකාරිත්වයට හා පරිපාලනයටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්තූතිය පුද කර සිටින බවත් එම නිවේදනයේ සදහන් වේ.

එමෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අභියෝගකාරී තත්ත්වය හමුවේ වුවද මාතෘ භූමිය වෙනුවෙන් එක්සිත්ව ජයග්‍රහණය තෙක් සියලුදෙනා කළ පොදු කැපවීම ක්‍රිකට් ලෝකයට පමණක් නොව සෙසු ක්ෂේත්‍රවල දෙවන පරපුරට ද මහඟු ආදර්ශයක් බවත් මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සියලුදෙනා වෙත හෘදයාංගම ස්තූතිය පිරිනමන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්