හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් ඉදිරියේදී ගොඩනගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ දැදිගම ප්‍රදේශයේ ඊයේ (සැප්. 11දා) පැවැති දේශපාලන වැඩසටහනකදී .

ඉදිරි මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දීමටත් වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බව පෙන්වා දුන් ඔහු රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් පොදුජන පෙරමුණ නායකත්වය ලබා දෙන බව ඔහු පවසයි.

එමෙන්ම එම සන්ධානයේ ප්‍රධාන පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බවත් එම සාකච්ඡා සාර්ථක මට්ටමේ පවතින බවත් කියා සිටි ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලන බල කඳවුර කඩා වැටීමට නොදී රැක ගැනීම පිණිසත් සිය පාර්ශ්වයට ජනතාවට ඉටු කළ නොහැකි වූ බලාපොරොත්තු ඉටු කර දීමට කටයුතු කර දීම සදහාත් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්