බාලවයස්කාර පිරිමි දරුවෙකු විසින් සිය පෙම්වතිය හමුවීමට යෑම සඳහා බස් රථයක් පැහැරගෙන ගිය පුවතක්  පිළියන්දල  ප්‍රදේශයෙන් වාර්තා වේ.

 

ඊයේ (11) රාත්‍රියේ මෙමසිදුවීම වාර්තා වී ඇති අතර,  පිළියන්දල බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ කරන බස් රථ කිහිපයක රියදුරන් පිරිසක් නැවතුම්පොළ වෙත සිය බස් රථවලින් පැමිණ ඇත්තේ ආසියානු කුසලාන අවසන් ක්‍රිකට් තරගය එක්ව නැරඹීමටයි.

 

එහිදි බස් රථ නැවතුම්පොළේ ගාල් කොට ශ්‍රී ලංකා ඉනිම නරඹා ආහාර ගැනීම සඳහා වෙනත් ස්ථානයක් වෙත ගොස් ඇති අතර සුළු වේලාවකට පසු නැවත පැමිණීමේදි බස් රථයක් අතුරුදහන්ව ඇති බවට හඳුනාගෙන ඇත.

 

පසුව පිළියන්දල පොලිසියට කරන ලද දැනුම් දීමකට අනුව හදිසි මාර්ග බාධක කිහිපයක් යෙදවීමට පියවර ගෙන ඇති අතර,  පසුව අද (12) අලුයම 12.30ට පමණ කැස්බෑව පිළියන්දල අතුරු මාර්ගයේ මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරීන්ට බස් රථයක් පිළිබඳව සැකසිතී එය නවත්වන ලෙසට අණකර ඇත.

 

එම අවස්ථාවේදී අදාළ බස් රථය පැහැරගෙන ගොස් ඇති බස් රථය බවට පොලීසිය තහවුරු කරගෙන ඇත.

 

එහිදි බස් රථය පැහැරගත් බාල වයස්කාර සැකකරු බස් රහයෙන් පැන දිවීමට උත්හස කර ඇති අතර පොලිසිය ඔහුව ලුහුබැඳගොස් අල්ලා ගෙන තිබේ.

 

 

සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔහු  සිය පෙම්වතිය හමුවීම යෑම සඳහා මෙලෙස බස් රථය පැහැරගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත.

 

එහිදි බස් රථය පැහැරගත් බාල වයස්කාර සැකකරු බස් රථයෙන් පැන දිවීමට උත්හස කර ඇති අතර පොලිසිය ඔහුව ලුහුබැඳ ගොස් අල්ලා ගෙන තිබේ.

 

සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔහු  සිය පෙම්වතිය හමුවීම යෑම සඳහා මෙලෙස බස් රථය පැහැරගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත.

 

එමෙන්ම ඔහු මීට පෙර අවස්ථාවකදීද පෙම්වතිය බැලීමට යාමට බස් රථයක් පැහැරගෙන ගොස් තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්