එළඹෙන සැප්තැම්බර් 19 වැනි සඳුදා වින්සර් මාළිගයේ රාජකීය සුසාන භූමියේදී දෙවැනි එළිසබෙත් රැජිණගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට දින නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ලන්ඩන් නුවර පිහිටි වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ වත්පිළිවෙත් වලින් අනතුරුව, රාජකීය සුසාන භූමියේ දේහය තැන්පත් කිරීම සිදුකිරීමට නියමිතය.

රැජිණගේ දේහය අද (11) බැල්මරෝල් මාළිගයේ සිට එඩින්බර්ග් දක්වා රැගෙන ඒමට නියමිත බවත් රැජිණගේ දේහය සමග ඇගේ දියණිය වන ඈන් කුමරිය ද ගමන් කරන බවත් සදහන් වේ.

දෙවැනි එළිසබෙත් රැජිණගේ දේහයට මහජන ගෞරව දැක්වීම සඳහා දින 04ක කාලයක් හිමිවනු ඇති බව වැඩිදුරටත් සදහන් වේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්